නවතම ප්‍රවෘත්ති

බෞද්ධ සාහිත්‍ය උළල 14දා BMICH හිදී

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධාන කරන බෞද්ධ සාහිත්‍ය උලෙළ (2018) මෙම මස 14 වන දින ප.ව 2.30 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ. මෙහිදී 2017 වසරේ ප්‍රකාශයට පත් කළ බෞද්ධ ග්‍රන්ථ, පද්‍ය, සඟරා කලා විශිෂ්ට නිර්මාණ ඇගයීම සදහා ඒවා රචනා කළ සංස්කරණය කළ විද්වතුන් වෙත ප්‍රණාම පිරිනැමේ.

ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා නායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක හිමියන් මුලසුන හොබවන මේ උළෙල  බුද්ධශාසන ඇමති ගාමිණ ජයවික්‍රම පෙරේරා මහතාගේ හා උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල පවසයි.

සුගත් පෙරේරා