News

Update : නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ ලබන 30 වැනිදා යළි සාකච්ඡාව පැවැත්වීමට තීරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන 5 වන සාකච්ඡා වටය ලබන 30 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ අද (09) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ එම පක්ෂ දෙක අතර පැවැති සිව්වන සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවයි.

———————————————————————————————————————————-

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සිව්වන සාකච්ඡාව ඇරඹෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සිව්වැනි වටයේ සාකච්ඡාව මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ වී තිබේ.

වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න….