News

“ඇට ඉන්දික” අත්අඩංගුවට

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන ඩැනී හිත්තැටිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන සුනිල් ප්‍රේමරත්න හෙවත් ඇට ඉන්දික අත්අඩංගුවට ගෙන තිබේ.

පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු වන සුනිල් ප්‍රේමරත්න නමැති මෙම සැකකරුවා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ කරන්දෙණිය ප්‍රදේශයේදීය.

පොලීසිය පැවසුවේ වයස අවුරුදු 38ක් වන සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි.