උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්රෑම් 79 ක් සමග දෙදෙනෙකු මාට්ටු
උතුරු මුහුදේදී කේරළ ගංජා කිලෝග්රෑම් 79 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අද (11) අලුයම නාවිකයින් පිරිසක් වෙත්තලකර්නිවලට ඔබ්බෙන් මුහුදු ප්රදේශයේ කළ මුර සංචාරයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළ අතර මෙම කේරළ ගංජා තොගය ඩිංගි යාත්රාවක් මගින් මුහුදු මාර්ග ඔස්සේ මෙරටට රැගෙන ඒමට උත්සාහ කර ඇති බවට සැක කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලීසියට භාරදීමට නියමිතව ඇත.