News

වයඹ පළාතේ සියලු පාසල් අද වැසෙයි

වයඹ පළාතේ සියලු පාසල් අද (14) දිනයේ වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ සෙසු පළාත්වල සමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බවයි.

වයඹ පළාත තුළ ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් එම පළාතේ සියලුම පාසල් දැමීමට පියවර ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.