රට තුළ පවතින වාතාවරණය සම්බන්ධයෙන් සංගාගෙන් විශේෂ පණිවුඩයක්
රට තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කර පවසන්නේ දේශපාලන න්‍යාය පත්රයන්ට හසුනොවී එක් ජාතියක් ලෙස කටයුතු කරමු යනුවෙනි.
“නවතින්න. හුස්මගන්න. හිතන්න. ඔබගේ ඇස් විවෘත කරන්න. අපි ප්‍රචණ්ඩත්වයට, වර්ගවාදයට, වෛරයට හා මැරකම්වලට පරාජය වුවහොත් අපිට අපේ රට අහිමිවෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස එකතුවන්න. සාමකාමීවන්න, අනෙකාව ආරක්ෂා කරන්න. ලැජ්ජානැති, බෙඳුණ දේශපාලන න්යායපත්රවලට හසුවෙන්න එපා. අපි භේදයන් ඉවත් කර එකට එක් ජාතියක් ලෙස නැගී සිටිමු.”
STOP. BREATHE. THINK. OPEN YOUR EYES. If we lose ourselves in violence, racism, thuggery and hatred we lose our country. Unite as Sri Lankans, be peaceful, keep each other safe. Do not give into shameful, divisive political agendas. WE HEAL AND RISE TOGETHER AS ONE NATION
— Kumar Sangakkara (@KumarSanga2) May 14, 2019