News

කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් කෙසෙල්වත්ත ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 80 ක් මිලි මීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 10 ක්, කඩුවක් ද සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්දයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකක වැඩිදුර විමර්ශන සිදු කරයි.