News

වයඹට පැනවූ ඇඳිරි නීතිය පස්වරු 4ට ඉවත් කර නැවත පස්වරු 6ට ඇරඹෙයි

වයඹ පළාතට බලපාන ලෙස පනවා ඇති පොලිස් ඇදිරිනීතිය අද (14) පස්වරු 4.00ට ඉවත් කිරීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ නැවතත් වයඹ පළාතට බලපැවැත්වෙන ලෙසට අද (14) පස්වරු 6.00 සිට හෙට (15) පෙරවරු 6.00 දක්වා පොලිස් ඇදිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇති බවයි.