ත්‍රස්තවාදය පරාජය කිරීමට කොන්ද පණ නැති – ඊට මුහුණදීමට හැකියාවක් නොමැති සියලු දෙනා ඉවත් කළ යුතුයි
ත්‍රස්තවාදය පරාජය කිරීමට කොන්ද පණ නැති හා ඊට මුහුණදීමට හැකියාවක් නොමැති සියලු දෙනා ඉවත් කළ යුතු බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (14) දින සඳහන් කළේය.
ජාතිවාදය ජය ගැනීම සඳහා උතුරටත් නැගෙනහිරටත්, දකුණටත්, බටහිරටත් එක වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බවත් මේ රට නැවත ත්රස්තවාදයේ දඩබිමක් කිරීමට ඉඩ දිය නොහැකි බවත්ඇ මතිවරයා සඳහන් කළ අතර ත්‍රස්තවාදය ජයගැනීම සඳහා රටට අවශ්‍ය නිපුණතාව ඇති පවුල් පාලනයෙන් තොර කුසලතාවෙන් හා හැකියාවන් වලින් සපිරි සියලු දෙනාගේ පුළුල් එකමුතුවක් අවශ්‍ය බව ඒ මහතා සඳහන් කළේය.