ටැබ් පරිගණක ලබා දෙන්න අධ්‍යාපන අමාත්‍යංශය මුදල් අවභාවිත කරයි
උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබා දීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ සාක්ෂි විභාගය අද ආරම්භ කරන බව පසුගිය වසර 04 තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දුෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම සඳහන් කරයි.
සාක්ෂි ලබා දීම සඳහා අද දිනයේ අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මහේෂ් හේවාවිතාරණ මහතා කැඳවා ඇති බව එම කොමිසම සඳහන් කළේය.
නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරවී ටැබ් පරිගණක ලබා දීමට පියවර ගැනීමෙන් රාජ්‍ය මුදල් අධ්‍යාපන අමාත්‍යංශය විසින් අවභාවිත කර ඇති බවට රැකියා ලාභී උපාධිධාරී සංගමය ජනාධිපති කොමිසම හමුවේ ගොනු කර ඇත.