කැකිරාවේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට – 6කට තුවාල
කැකිරාව මඩඇටිගම ප්රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටිමෙන් සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අනතුරින් තවත් හයදෙනෙකු තුවාල ලබා ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැන් රථයේ පැමිණි පිරිස බවත් ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙක් සිටින බවද වාර්තා වේ.
මෙම පිරිස මාතලේ ප්රදේශයේ පදිංචි කරුවන් බව වාර්තා වේ.