ජාතික සහ මහනුවර මහ රෝහල් හෙද හෙදියෝ හෙට උද්ඝෝෂණයක
දිගින් දිගටම ප්‍රමාද කරමින් පවතින 2016 – 2017 වසරවල හිග අතිකාල දීමනා වහා ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික රෝහල සහ මහනුවර මහ රෝහලේ හෙද හෙදියන් හෙට (14වැනිදා) එම රෝහල් ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතය. සමස්ථ ලංකා හෙද සංගමයේ වැඩ බලන සභාපති එච්.එම්.එස්.බී. මැදිවත්ත පවසන පරිදි අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල ,මාතර, ගාල්ල සහ තවත් නගර රැසක මධ්‍යම රජයට අයත් රෝහල් සහ වයඹ පළාත් සභාවට අයත් රෝහල්වල මෙම හිග අතිකාල දීමනා ගෙවා නැත.
සුගත් පෙරේරා