Top Story

රවීට සුජීවට දයාසිරිට එරෙහිව රන්ජන් කට උත්තර දෙයි

පර්පෙචුවල් ට‍ෙෂරීස් සමාගමෙන් අල්ලස් ගත් බව කියන රවී කරුණානායක, සුජීව සේනසිංහ, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් තිදෙනා සම්බන්ධයෙන් සිදු කෙරෙමින් පවතින ‘අල්ලස් පරීක්ෂණයට’ අදාළව කටඋත්තරයක් ලබා දීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද දින(13) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණියේ ය.

ඇමතිවරුන් තිදෙනාට එරෙහිව මෙම අල්ලස් පරික්ෂණය සිදු කෙරෙන්නේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලකට අනුව ය.

‘‘කලින් ආණ්ඩුවෙ අල්ලස් දූෂණවලට විතරක් නෙවෙයි, අපේම ආණ්ඩුවෙ අල්ලස් දූෂණ වලටත් වැට බඳින එක අපේ යුතුකමක්. ඒ නිසයි මම මේ පැමිණිල්ල යොමු කළේත්, ඒ වගේ ම අද දින කටඋත්තර දෙන්න පැමිණියෙත්.’’ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ‘අරුණ’ ට පැවසීය.

සුරේඛා සමරසේන