News

ඖෂධ වර්ග 60ක මිල වැඩි කෙරේ

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60ක මිල වැඩි කර තිබේ.

ඒ අනුව ඇල්බෙන්ඩසෝල්, ඇමොක්සලීන්, පැරසිටමෝල්, සෙෆියුරොක්සිම් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල වැඩි කර තිබේ.

අදාළ ඖෂධවල මිල වැඩි කර ඇත්තේ 14.4%කිනි.

මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඖෂධ සමාගම් කළ ඉල්ලීම් රැසක් සලකා බලා මේ තීරණය ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.