News

සංචාරකයින්ගේ පැමිණීම 1700ට බසී

පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය සමග දෛනිකව පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය 1700 දක්වා අඩුවී ඇතැයි සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක පැවසීය.

වෙනත් වර්ෂවලදී මැයි, ජුනි මාසවල සංචාරකයන් 5000-5500ක් අතර ප්‍රමාණයක් දිවයිනට පැමිණ තිබේ.

කෙසේ වෙතත් මේ දිනවල පැමිණෙන සංචාරකයන් වැඩි වශයෙන් ඉන්දියානුවන් හා චීන ජාතිකයන් බව වාර්තා වේ.

මීට පෙර පැමිණි සංචාරකයන් අඩුම තරමේ දින 12ක්වත් රට තුළ රැඳී සිටින අතර, මේ දිනවල රට තුළ උද්ගතව ඇති තත්ත්වය අනුව ඔවුන් රට තුළ රැඳී සිටින කාලය අඩු වී තිබේ.

මධුශාන් හේරත්