මධුශ්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් කණ්ඩායමක් යොමු කිරීමට සැලසුම්
ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් කණ්ඩායමක් යොමු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
ඔහු විසින් මෙරට සිදු කළ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු වන දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් අනතුරුව මෙරටට පැමිණි අවස්ථාවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගැනිණ.