News

බදුරලිය පාසලක් අසලින් අත් බෝම්බ13ක් සොයාගැනේ

මතුගම බදුරලිය පාසලක් අසල ගොඩනැගිල්ලක තිබී ඊයේ රාත්‍රීයේ (23) අත් බෝබ්ම 13ක් සොයාගෙන ඇත.

එම අවස්ථාවේ මුරකරු සමඟ තවත් දෙදෙනෙකු විදුහලේ ආරක්ෂාවට රැදී සිට ඇති අතර මුරකරු මේ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් පසුව විදුහල්පති වරයා විසින් බදුරලිය පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව එහි පැමිණි යුදහමුදා නිලධාරීන් එම බෝම්බ පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂන පවත්වාගෙන යනු ලබයි.