බස් රථයක් කන්ටේනරයක ගැටීමෙන් 19දෙනෙකු රෝහලේ
පෞද්ගලික බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
අනතුරට පත් බස් රථයේ පිරිස මාතර සිට අවිස්සාවේල්ල ප්රදේශයේ මංගල උත්සවයකට සහභාගි වී නැවත මාතර ප්රදේශය බලා යමින් සිටියදී ගොඩකවෙල ගලහිටියේදී අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබූ පිරිස ගොඩකවෙල දිසා රෝහලට ඇතුලත් කර ඇති අතර එම තුවාලකරුවන් අතරින් කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු වැඩිදුර ප්රතිකාර සදහා කහවත්ත මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.
ගොඩකවෙල දිසා රෝහලේ මේ වනවිට කාන්තාවන් 11දෙනෙකු හා පිරිමි පුද්ගලයන් 02දෙනෙකු ප්රතිකාර ලබන බවත් ඒ අතර කුඩා ගැහැණු දරුවන් 03දෙනෙකු සිටින බවත් වාර්තා වෙයි.