සැඟවූ ගිනි අවි ගැන මධුෂ් වමාරයි
මාකඳුරේ මධුෂ්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සඟවා තිබූ ගිනි අවි හා පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත.
ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමෙන් අනතුරුව සොයා ගත් ප්‍රථම අවි හා පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය වේ. ඒ අතර උණ්ඩ ද සොයා ගෙන ඇත.
මේ අතර ඔවුන්ගෙන් සහාය ලබාගත් දේශපාලනඥයින් පිළිබඳව ද තොරතුරු රැසක් හෙළි කර ඇති බව වාර්තා වේ.
