News

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

පසුගිය පාස්කු ඉරුදින එල්ල කළ ප්‍රහාර මාලාවේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය දී මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට අදාලව විමර්ශන පොලිස්පතිවරයාගේ නියෝග මත තම කොට්ඨාසය භාරගත් බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ මහතාට දැනුම් දුන්නේය.

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දහ වැනි සැකකරු වූ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා නැමැති පුද්ගලයා 10 වැනිදා තෙක් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද ‍කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියංන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.

මෙම සිද්ධියට අදාල අනෙක් සැකකරුවන් නව දෙනා හෙට (28) දිනයේ සිට ලබන පළමු වැනිදා දක්වා කාලය තුළදී ත්‍රස්වාදී විමර්ශන කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශ ලබා දීමටද මහේස්ත්‍රාත් වරයා මෙහිදී නියෝග කළේය.