නවතම ප්‍රවෘත්ති

බඹර ප්‍රහාරයකින් සිසු සිසුවියෝ 25ක් රෝහලේ

හැටන් අධ්‍යාපන කලාපයට අයත් මස්කෙලිය සමන්එළිය මහා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට අද (14වැනිදා) දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වීමත් සමග පාසල තාවකාලිකව වසා දමා තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසු සිසුවියන් 25 දෙනෙකු මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර මස්කෙලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.