බීඩි කොළ 11000ක ඉගුරුකඩේ හංදියේ පිහිටි රේගු අංගනයකදී අත්අඩංගුවට
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝ 11000කට අධික ප්‍රමාණයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඉගුරුකඩේ හංදියේ පිහිටි රේගු අංගනයක තිබියදීයි.
පොලීසිය පැවසුවේ ටයර් සෑදීමට පාවිච්චි කරනු ලබන රසායනික ද්‍රව්‍යයක් ගෙන්වන මුවාවෙන් මෙම බීඩි කොළ ගෙනවිත් ඇති බවයි.
ශ්‍රී ලංකා රේගුවේ ද සහාය ඇතිව මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.