News

මධුෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ ලබා ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මධුෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ ලබා ගෙන වෙයි.

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනුණු සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් පසුගිය 05 වන දා දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුණු අතර මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කර ගෙන යන බව පොලීසිය සඳහන් කරයි.

මෙරට අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ද පියවර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.