ට්රැක්ටර රථයක් බිම් බෝම්බයකට හසුව රියදුරුට තුවාල
මුලතිව්,පුදුකුඩිඉරිප්පු ,නෙත්තලියාරු ප්රදේශයේදී ට්රැක්ටර රථයක් බිම් බෝම්බයකට හසුව පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ ට්රැක්ටර රථය මගින් පොල් වත්තක බිම සකස් කරමින් සිටියදී ට්රැක්ටර රථය බිම් බෝම්බයට හසුව ඇති බවයි.
අනතුරින් ට්රැක්ටර රථ රියදුරු වු 32 හැවිරිදි මුලතිව්,විශ්වමඩු ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ තුවාලකරු තරමක් බරපතල තුවාල ලබා ඇති අතර, ට්රැක්ටර රථයටද හානි වි ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය