නවතම ප්‍රවෘත්ති

නියඟයෙන් බැටකන පවුල්වලට මසකට 5000ක දීමනාවක්

පවතින දැඩි නියඟයත් සමග ජීවනෝපාය අඩපණ වී ඇති පවුල් සඳහා මසකට රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට සංගණනයක් මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරණ මහතා පැවැසීය.

ඊට අමතරව නියඟය බලපා ඇති දිස්ත්‍රික්ක 16ක පවුල් ලක්ෂ දෙකකට අදාළ ජල මූලාශ්‍ර සොයාගැනීම සඳහා වූ වගා ළිං කැපීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට කටයුතු කර ඇති බවද ඊට අදාළ ප්‍රතිපාදන ලබාගැනීම සඳහා ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සේනාරත්න