කැලණිය විශ්වවිද්‍යාලයේ සෙසු සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දැමේ
රාගම වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලයේ සෙසු සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇත.
21 වැනි දා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසා දැමුණු විශ්වවිද්‍යාලය පෙරේදා විවෘත කිරීමත් සමග සිසුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේය.
එයට සිසුන් පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් සියලු සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගත් බව ද ඔහු සඳහන් කළේය.