ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෙළිකළ නාමල් අද සීඅයීඩීයට
මාකදුරේ මදුෂ් නමැති පාතාල නායකයා යොදවා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝතනය කිරීමටකුමන්ත්රණය කළ බව කියන ත්‍රස්තවාදී විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධයෙන් තොරතුරු හෙළිකළ දුෂණ වීරෝධි බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර අද ( 17වැනිදා) අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් පසුගිය 14 වැනි දා රාත්‍රීයේ 11.00 ට පමණ නාමල්කුමාරගේ වරකාපොළ තුල්හිරිය පිහිටි නිවසට පැමිණ පසුදා (15වැනිදා) පෙරවරු 6.15 වන තෙක් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.
මෙම සිද්ධියට අදාළ හඬපට ඇති බව කියන නාමල් කුමාරගේ ජංගම දුරකතනය අද (17වැනිදා) පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසට ඔහුට දැනුම්දී ඇත.