News

අගමැති විපක්ෂනායක හමුවක් අද

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් හමුවීමට නියමිතයි.

ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව සදහන් කළේ ය.

රට තුළ පවතින තත්ත්වය සලකා සහන පැකේජයක් ජනතාව වෙනුවෙන් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරීම සඳහා විපක්ෂ නායකවරයා මෙලෙස අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේය.