මෙට්ට විකුණන මුවාවෙන් ගංජා විකිණූ 4ක් අත්අඩංගුවට
මෙට්ට විකුණන මුවාවෙන් කුඩා ලොරි රථයක පැටවූ මෙට්ට තුළ සගවාගෙන ගංජා ප්රවාහනය කළ සැකකරුවන් හතර දෙනකු කිලිනොච්චිය, අම්බාල්කුලම ප්රදේශයේදී ඊයේ (17වැනිදා) කිලිනොච්චිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.