විපක්ෂයේ මන්ත්රී කණ්ඩායමේ රැස්වීමක් අද පෙරවරුවේ
විපක්ෂයේ මන්ත්රී කණ්ඩායම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් රැස්විමට නියමිතයි.
එම රැස්වීම අද පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිතව බව පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
අද දිනයේ විපක්ෂනායකවරයා බොහෝදුරට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකරනු ඇති බව මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
