Top Story

නාලක සිල්වා අනිවාර්ය නිවාඩු යවන ඉල්ලීමට පොලිස්පතිගෙන් ගෝරනාඩුවක්

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම්වරයා  ඝාතනය  කිරීමට කුමන්තුණය කළ බව කියන ත්‍රස්ත විමර්ශන එකකයේ  නියොජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද පරීක්ෂණ අනුව වහාම ඔහුට එරෙහිව  විනය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයා ලිඛිතව දන්වා ඇතත්  එම ඉල්ලීම ඉවත දමා ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි.

නාලක සිල්වා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන නිලධාරින්ට බලපෑම් එල්ලවී ඇති නිසා පරික්ෂණ අවසන් වන තෙක් ඔහු අනිවාර්ය  නිවාඩු යවන ලෙස හෝ වැඩ අත්හිටුවන ලෙස සී.අයි.ඩීය පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන්  ලිපියක් මගින් ඉල්ලා තිබුණත් එම ලිපිය බැලූ පොලිස්පතිවරයා  ගෝරනාඩු කරමින් එය විසි කර ඇති බව පොලිස්පති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.