News

අනවසර විදුලි රැහැනක ගැටී තිදෙනෙකු මියයයි

අකුරැස්ස – තලහගම – ගොනකමුල්ල ප්‍රදේශයේ අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී තිදෙනෙකු මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන 7.30 ට පමණ මෙම මෙම සිදුවීම වාර්තා වූ බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45, 56 සහ 76 යන වයස්වල පසුවන තලහගම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් වේ.