Top Story

බස් ගාස්තුත් නගී    

බස් ගාස්තු හෙට (20වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට 4%කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා පැවසීය. ඔහු එසේ පැවසුවේ බස් සංගම් සමග ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවය. අවම බස් ගාස්තුව වන රු.12.00 නොවෙනස්ව පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.