කහටගස්දිගිලිය පාසල් භූමියක් තුළ තිබී ඩෙටනේටර් තුනක් හමුවෙයි
කහටගස්දිගිලිය කුකුළෑව දීඝාභය පාසල් භූමිය තුළ තිබී අද (06) ඩෙටනේටර තුනක් සහ සේවා නූල් හමුවී ඇත.
එම විදුහලේ විදුහල්පතිවරයා පැවසුවේ මේ හේතුවෙන් පාසල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බවයි.
පාසල විවෘත කිරීමට පෙර එහි සිසුන්ගේ දෙමාපියන් පිරිසක් විද්යාල භූමිය තුළ කළ සෝදිසියේදී පොලිතින් බෑගයක දමා තිබූ මෙම ඩෙටනේටර් සහ සේවානූල් අද පෙරවරුවේදී සොයා ගෙන ඇත.
ඉන් අනතුරුව විදුහල්පතිවරයා විසින් මේ බව පොලීසියට සහ යුද හමුදාවට දන්වා පාසල් භූමිය පූර්ණ පරීක්ෂාවකට ලක් කර තිබේ
මේ සම්බන්ධව කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
