විශේෂ කාරක සභාව හමුවේ හේමසිරි ප්රනාන්දු සාක්ෂි ඉදිරිපත් කිරීම අරඹයි
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතා සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.
පාස්කු ඉරුදින එල්ලවූ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තාකිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තෙවන දිනට අද රැස්විය.
