News

සහරාන්ගේ සහෝදරයින්ගේ සිරුරු අද යළි ගොඩ ගනී

අම්පාර සයින්දමර්දුහිදී බෝම්බ පුපුරුවාගෙන මියගිය මොහොමඩ් සහරාන්ගේ සහෝදරයින්ගේ සිරුරු අද (07) යළි ගොඩ ගැනීමට නියමිතයි.

එම සිරුරු අම්පාර පොදු සුසාන භූමියේ පසුගියදා වළ දමා තිබේ.

අප්‍රේල් 26 වෙනි දින බෝම්බ පුපුරුවාගෙන මියගොස් සිටි මෙම පිරිසගේ සිරුරුවල කොටස් මීට පෙර රස පරීක්ෂක කාර්යාලය වෙත යවා තිබුණි.

ඉන් සාම්පල් හතරක් නරක් වී තිබීම නිසා සිරුරු ගොඩගෙන ශරීර කොටස් නැවත රස පරීක්ෂක වෙත යැවීමට කටයුතු කරන බව ද පොලිසිය ප්‍රකාශ කළේය.

ඔවුන්ගේ මළ සිරුරු ගොඩ ගැනීම සඳහා කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ගෙන ඇති අතර, අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අද එය සිදු කිරීමට නියමිතයි.