News

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර පස්වන වටයේ සාකච්ඡා ඇරඹෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පස්වන වටයේ සාකච්ඡාව මේ වන විට ආරම්භ වී ඇත.

ඒ විපක්ෂ නායක කාර්යාලයේදී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් සහභාගි වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඉදිරි මැතිවරණයකදී කටයුතු කළ යුතු අකාරය සම්බන්ධයෙන් කඩිනමින් අවසන් එකඟතාවලට යොමු වීම දෙපාර්ශවයේ අපේක්ෂාව වී ඇත.