News

මංතීරු නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මකයි

මංතීරු නීතිය අද (10) සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලීසිය සදහන් කළේ රියදුරන්ට මංතීරු නීතියට අනුගත වීම සඳහා පසුගිය 18 වැනිදා සිට ලබාදී තිබූ සති දෙකක සහන කාලය අදින් අවසන් වන බවයි.

ඒ අනුව අද මංතීරු නීතිය දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.