සිරිකොත ඉදිරිපිට ලංගම සේවකයින් විරෝධතාවයක
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ඉදිරිපිට ජාතික සේවක සංගමයට අයත් ලංගම සේවකයින් පිරිසක් ආරම්භ කළ විරෝධතාවය මේ වනවිට ත් ක්‍රියාත්මකයි.
ඔවුන් සිය ගැටළු පිළිබදව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග සාකච්ඡා කිරීමේ අරමුණින් ඊයේ දින සිට එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ රැදී සිටී.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් පවසන්නේ තමන්ගේ ගැටළු විසදීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු වගකිව යුතු ඇමැතිවරයෙක් නොපැමිණි බවයි.
මේ හේතුවෙන් අද දිනයේත් සිරිකොත පක්ෂ මූලස්ථාන පිවිසුම අවහිර කරමින් අඛණ්ඩව සිය විරෝධය දක්වන බව ඔවුන් සදහන් කළේය.
