ජාතික නිදහස් පෙරමුණ ජනපතිගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කරයි
සාෆි ෂිහාබ්ඩීන් වෛද්‍යවරයාට එරෙහිව කටයුතු කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම පෙරමුණ ඉල්ලා සිටින්නේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා හැකි ඉක්මනින් අදාළ වෛද්‍යවරයාට චෝදනා ගොනු කර නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසටය.
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති අදාළ ලිපියේ නීති විරෝධී වඳ සැත්කම් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය සාෆි ෂෙහාබ්ඩීන්ට නිසි දඬුවම් ලබා දීම මගින් අනාගතයේදී ෂාෆිලා බිහිවීම වැළැක්වීමට හැකියාව ඇත්තේ ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග අනුව බව පෙන්වා දි ඇත.
.
වෛද්‍ය සංගම් ඇතුළු මහජන ඉල්ලීම් සැළකිල්ලට ගෙන වහාම අදාළ කරුණ සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසද ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
