රටට මෙන්ම එජාපයටද නව නායකත්වයක් අවශ්‍යයි
එක්සත් ජාතික පක්ෂයට මෙන්ම රටට නව නායකත්වයක් අවශ්‍යව ඇති බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කරයි.
කලුතර පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරමින් ප්‍රකාශ කර සිටියේ ඊළඟ ජනාධිපතිවරණය කවුරු වාර්තා කළත් මේ රටේ ජනතාවගේ මතයට අනුව මේ රට පාලනය කළ හැකි ඒ සඳහා උනන්දුවක් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන, මිනී නොමරන, දූෂණයට නැති තරුණ පරම්පරාවේ උගත් නායකයෙක් මේ රටේ ජනාධිපති වෙන්න ඕන බවත් මේ රටට ඕනෙ අලුත් නායකයෙක්. තරුණ, ජවසම්පන්න උගත් නායකයෙක් බවය.
එමෙන්ම මේ රටට ඕනෙ ප්රජාතන්ත්රවාදය ගරු කරන, මනුෂ්‍ය නිදහස ගරු කරන, දුප්පත් මිනිසාගේ වේදනාව තේරුම් ගත හැකි, පොඩි මිනිසාගේ, මධ්‍යම පාන්තිකයාගේ ප්‍රශ්න පිළිබඳව කැක්කුමක් තියෙන වේදනාවක් තියෙන අලුත් නායකයෙක් යනුවෙන් ඒ මහතා සිය අදහස් ප්‍රකාශ කළේය.
