ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට පනවා තිබූ සීමා ලිහිල් කරයි
පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට එරට රජය විසින් පනවා තිබූ සීමා ලිහිල් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන විට ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු ගැන සෑම විටම දැනුවත්ව සිටිය යුතු බව ද ඔස්ට්‍රේලියානු රජය පුරවැසියන්ට දැනුම් දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ සංචාරක සීමා ලිහිල් කළ ද මෙරට මාධ්‍ය වාර්තා පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් බවය.
