බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට
මඩකලපුවේ ඉදිකෙරෙන බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් නමැති ආයතනය සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා (එහි සභාපති ) සඳහන් කර සිටියේ එම ආයතනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග එම වාර්තාව හරහා යෝජනා කරන බව වන අතර එම ආයතනය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඊයේ (13) දිනයේ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට කැඳවා ඇත.
එම අවස්ථාවට කැඳවා ඇත්තේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා, ඔහුගේ පුත්‍රයා සහ බැටික්ලෝ කැම්පස් ආයතනයේ ලේඛකාධිකාරීවරයා ලෙස කටයුතු කළ තැනැත්තාය.
