News

ජනපති තජිකිස්ථාන ජනපතිව හමුවෙයි

ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුවට සහභාගි වීම සදහා තජිකිස්ථානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) එරට ජනාධිපති එමමොලි රහුමාන් මාහට හමුවිය.

එහිදී ඵළදායි අදහස් හුවමාරුවක් සිදුවූ බව ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමේ සදහන් වන අතර ගැටුම් වැළැක්වීම, කුඩා රටවල ආරක්ෂාව සහ විශ්වාසය ගොඩනැගීම යන කරුණු පිළිබදව තජිකිස්ථාන ජනාධිපතිවරයා විශේෂ අදහස් දරන්නෙකු බවද සඳහන් කර ඇත.