සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ තවත් සැකකරුවන් දෙදෙනෙකු මාට්ටු
මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පැවැත්වූ තවත් ත්රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකු පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසය යුද හමුදාව සමග මහනුවර හිඟුල ප්රදේශයේදී ක්රියාත්මක කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පරිගණක තාක්ෂණ ශිල්පියෙක් සහ රියැදුරෙකු බව පොලීසිය සඳහන් කළ අතර ඔවුන් මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පවත්වා ඇති බවත්, කාත්තන්කුඩි, මාදම්පේ සහ නුවරඑළිය ප්රදේශවල පුහුණුව ලබා ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔවුන් මරාගෙන මැරෙන ප්රහාර සඳහා මොහොමඩ් සහරාන් ඉදිරියේ දිවුරුම් දුන් අය බවට ද විමර්ශනවලදී අනාවරණ වී ඇත.
