News

කාත්න්කුඩි වත්මන් OIC සහ හිටපු OIC අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට

කාත්තන්කුඩි පොලීසියේ වත්මන් ස්ථානාධිපතිවරයා සහ හිටපු ස්ථානාධිපතිවරයා අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද (17) කැඳවා තිබේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ තවත් මුස්ලිම් සංවිධානයක් ද හෙට (18) පැවැත්වෙන කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.