මිනුවන්ගොඩ විනාශ වූ කඩ හදන්න ප්‍රසන්නගේ මැදිහත් වීමෙන් ලක්ෂ 200ක්
පසුගිය මැයි 13 වෙනිදා මිනුවන්ගොඩ නගරයට එල්ලවූ ප්‍රහාරයෙන් විනාශවූ ව්‍යාපාරික ස්ථාන තාවකාලිකව ඉදිකිරීම සදහා රුපියල් ලක්ෂ 200ක මුදලක් වෙන් කෙරේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ගේ ඉල්ලීම පරිදි මෙම මුදල වෙන් කිරීමට බස්නාහිර පලාත් ආණ්ඩුකාර M.L.M මුසාමිල් මහතා අද (17) පියවර ගත්තේය.
ආණ්ඩුකාරවරයා අද (17) මිනුවන්ගොඩ නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ ය. එහිදී 13 වෙනිදා සිද්ධියෙන් විනාශ වූ ව්‍යාපාරික ස්ථාන නීරීක්ෂණය කල ආණ්ඩුකරවරයා මිනුවන්ගොඩ නගර සභාවේදී අදාල ව්‍යාපාරිකයන් සමගද සාකච්චා කළේය. එම සාකච්ඡාව සදහා බස්නාහිර පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාද එක්ව සිටියහ.
(මෙහිදී ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩුකාරවරයාට පෙන්වා දුන්නේ ව්‍යාපාරික ස්ථාන විනාශ වීම හේතුවෙන් ව්‍යාපාරිකයන් රැසක් පීඩාවට පත්ව සිටින බවයි. තාවකාලිකව ඔවුන් සදහා කඩ ඉදිකිරීමට ස්ථානයක් වෙන කර ඇතත් ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමේ ගැටළුව ඇතැයි රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ පිළිබද අවධානය යොමු කළ ආණ්ඩු කාර වරයා තාවකාලික කඩ ඉදි කිරීම සදහා රුපියල් ලක්ෂ 200 මුදලක් ලබා දීමට එකග විය.
මෙම කඩ කාමර ඉදි කිරීම නාගරික සංවර්දන අධිකාරියේ සැලසුමකට අනුව සිදුකිරීමටද මෙහීදි එකග විය. මෙම සාකච්ඡාව සදහා මිනුවන්ගොඩ සර්ව ආගමික නායකයෝද එක්ව සිටියහ.
