වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවයි
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මහතාට එරෙහිව මේ වන විට පොලීසියට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා තිබේ.
ඊයේ දින වන විට කුරුණෑගල ශික්‍ෂණ රෝහලට පැමිණිලි 839ක් හා දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසියට පැමිණිලි 164ක් ලැබී තිබිණි.
සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී කාන්තාවන් වන්ධ්‍යකරණයට ලක්කළ බවට අදාළ වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර, පසුගිය මැයි මස 26 වැනිදා සිට ඊයේ (17දා) දිනය තෙක් අඛණ්ඩව දින 23ක් සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මවුවරුන්ගෙන් පැමිණිලි ලැබී තිබිණි.
