හොරොව්පතාන පොලිස් OICට අල්ලස් දීමට තැත් කළ NTJ සංවිධානයේ සාමාජිකයාට ඇප
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කර ඇත.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් 15000/- ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ හතර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කර ඇති අතර පැමිණිල්ල සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්රාත්වරිය එදින සැකකරුට අධිකරණ හමුවේ පෙනී සිටින මෙන් නියෝග කර ඇත.
