News

සාෆිට එරෙහිව පුද්ගලයින් 758 දෙනෙකුගෙන් CIDයට ප්‍රකාශ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆිට එරෙහිව පැමිණිලි කළ කාන්තාවන් 601 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 758 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඒ පිළිබඳව ලබන 7 වන දා අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළ අතර අදාළ කාන්තාවන් සොයිසා කාන්තා රෝහල සහ කාසල් වීදියේ කාන්තා රෝහලේදී වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතව ඇත.

කුරුණෑගල ශික්ෂණ රෝහල, වෛද්‍ය සේයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි, කාසල් වීදියේ කාන්තා රෝහල